ප්‍රේමයේ දීමනාව සමග
ග්වෙන්ඩලීන් ස්ටුල්ගිස්ගේ විවාහ මංගල්‍යය දිනයේදී ඇය සිහින මැවූ මගුල් ඇඳුම හැඳ සිටියාය. ඉන්පසුව ඇය එය නොදන්නා කෙනෙක්ට දුන්නාය. ඇඳුමක් අල්මාරියක දූවිලි එකතු කරමින් තිබෙනවාට වඩා යමක් ඇති බව ස්ටුල්ගිස් විශ්වාස කළාය. අනෙක් මනාලියෝද එකඟ වූහ. දැන් ඇයගේ සමාජ වෙබ් අඩවියේ බොහෝ ස්ත්‍රීන් මංගල ඇඳුම් දීමටද ලබා ගැනීමටද එකතු වී සිටිති. එක් ත්‍යාගශීලියෙක් පැවසුවේ “මෙම ඇඳුම මනාලියෙක්ගෙන් මනාලියකගේ අත්වලට ගොස් කරන…
සළකමින් බෙදා ගන්න
තරුණ සභාපාලක වරයා සෑම උදෑසනකම යාච්ඤා කරමින් එදින කෙනෙක්ට ආශිර්වාද කරන්න ඔහුව පාවිච්චි කරන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ප්‍රීතිය පිණිස බොහෝ විට එවැනි අවස්ථාවන් උදා වුනි. ඔහුගේ දෙවන රැකියාවේ විවේකයක් තුළ දිනක් ඔහු හිරු එළියේ හවුල් සේවකයෙක් සමග වාඩිවී සිටිද්දී මෙම හවුල් සේවකයා ඔහුගෙන් යේසුස්වහන්සේ ගැන විමසුවේය. සභා පාලක වරයා අනෙකාගේ ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු දුන්නේය. විවේචන නොවීය. විවාද…
දෙවියන්වහන්සේගේ ආරක්ෂිත ප්‍රේමය
ග්‍රීෂ්ම සෘතුවේ එක් රාත්‍රියක අපගේ නිවස අසළ සිටි පක්ෂීන් එක් වරම බියවී කෑ ගසන්න පටන් ගත්තේය. කෑ ගැසීම උග්‍ර වූයේ ගස්වල සිටි අනෙක් පක්ෂීන්ද තියුණු ලෙස කෑ ගැසූ විටය. කුමක් නිසාද කියා අපි පසුව තේරුම් ගත්තෙමු. ඉර බැස යද්දී විශාල උකුස්සෙක් ගසක් මුදුනේ සිට පහළට බැසීම නිසා පක්ෂින් භයානක කමෙන් ඉවත් වීම පිණිස අනතුරු ඇඟවීමේ ශබ්ද නැගීමට සහ විසිර යාමට…
ක්‍රිස්තුස්වහන්සේ මෙන් දීම
ඇමරිකන් කර්තෘ ඕ.හෙන්රි 1905 දී තම ප්‍රියතම කථාව වන “ණැනවතුන්ගේ ත්‍යාගය” නැමැති නත්තල් කථාව ලියන විට පුද්ගලික කරදරවලින් මිදීමට ඔහුද පොර බදමින් සිටියේය. එහෙත් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ චරිත ගුණාංගයක් වන පූජාව ඉස්මතු කරන මනහර කථාවක් ලිවීය. එම කථාවේ එක් කාන්තාවක් නත්තල් දිනට පෙර දිනයේදී තම ස්වාමි පුරුෂයාගේ ඔරලෝසුවට රන් දම්වැලක් මිළදී ගැනීමට තම අලංකාර දිගු කොණ්ඩය විකිණීය. පසුව ඇයට දැන ගන්නට…
සියල්ලන් උදෙසා දෙවියන්වහන්සේගේ හදවත
නව හැවිරිදි ඩෑන් ගිල් තම පංති මිතුරාගේ උපන් දින සාදයට පැමිණියේ තම හොඳම මිතුරා වූ ආර්චී සමගය. උපන් දිනය සමරන මිතුරාගේ මව ආර්චී දුටු විට ඔහුව නිවස තුළට ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. “මෙහි ආසන මදි” කියා ඇය තදින්ම කියා සිටියාය. කළු ජාතිකයෙක් වූ තම මිතුරාට ඉඩ දීම සඳහා තමාට බිම හිඳ ගන්නට ඩෑන් කැමති වූවත් එසේ කළ නොහැකි බව මව කියා…
නොනැසී පවත්නා පීට්සා
වයස අවුරුදු දොළහේදී, ඉබ්‍රාහිම් බටහිර අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණියේ, ඉතාලි වචනයක්වත් නොදැන, ගොත ගැසීමක් සමඟ පොරබදමින්, සහ සංක්‍රමණ විරෝධී මර්දනයන්ට මුහුණ දෙමිනි. ඒ කිසිවකට වයස අවුරුදු විසි ගණන්වල සිටි මෙම වෙහෙස වී වැඩ කරන තරුණයාව නතර කිරීමට නොහැකි වූ අතර ඔහු ඉතාලියේ ටේරන්ටෝහී පීට්සා අවන්හල විවර කළේය. සැක කරන්නන්ගේ සිත් දිනා ගනිමින් ඔහුගේ කුඩා ව්‍යාපාරය ලොව පුරා හොඳම පීට්සා අවන්හල්…
ක්‍රිස්තුස්වහන්සේ, අපගේ සැබෑ ආලෝකයයි
මෑත ඉරු දිනක සවස් කාලයකදී විශාල නගරයේ රෝහලකින් පිටතට යාමට අපි වෙහෙසුන අවස්ථාවකදී “ආලෝකය වෙත යන්න!” කියා මගේ සැමියා උපදෙස් දුන්නේය. රෝහල්ගත වී සිටි මිතුරෙකු බැලීමට ගිය අතර, අපි විදුලි සෝපානයකින් පිට වූ විට, සති අන්තයේ අපට පිටවීමේ දොරවල් වෙත යෑමට පෙන්වීම සහ දීප්තිමත් කොලරාඩෝ හිරු එළිය වෙත යොමු කිරීමට කිසිවෙකු එහි නොසිටියහ. නිසි එළියක් නොතිබූ කොරිඩෝවේ සැරිසැරූ අපට අවසානයේ…
විශ්වාසයට යටත් වීම
ශීත ඍතුවේ එක් උදෑසනක ජනෙල් තිර විවෘත කළ මා කම්පන සහගත දසුනකට මුහුණ දුන්නෙමි. මීදුමෙන් පවුරක්. “ඉතා ශීත මීදුම” කියා කාලගුණ අනාවැකිකරු එය හැඳින්වීය. අපගේ ස්ථානයට දුර්ලභ වූවත්, මෙම මීදුම ඊටත් වඩා විශාල විස්මයක් සමඟ පැමිණියේය: එනම්, “පැයක කාලයකින්”, නිල් අහසක් සහ හිරු එළිය ලැබෙන්නට යන බව පසුකාලීනව අනාවැකියක් පල කළේය. “විය නොහැකි,”යැයි මම මගේ සැමියාට කීවෙමි. “අපට ඉදිරියට අඩියක්වත්…
අනුකම්පාවේ ක්‍රියාකාරිත්වය තුළ
බංකු තැනීම ජේම්ස් වොරන්ගේ රැකියාව නොවීය. කෙසේ වෙතත්, ඔහු ඒවා තැනීමට පටන් ගත්තේ, දිනක් ඇමෙරිකාවේ ඩෙන්වර් නගරයේ හි කාන්තාවක් බස් රථයක් එනතුරු කසල ගොඩක වාඩි වී සිටිනු දුටුවාට පසුවයි. එය "අපකීර්තිමත්," වොරන් කනස්සල්ලට පත් විය. පසුව, විසිඅට හැවිරිදි ශ්‍රම බළකා උපදේශකවරයා පරණ ලී ස්වල්පයක් සොයාගෙන බංකුවක් සාදා බස් නැවතුම් පළේ තැබුවේය. එය ඉක්මනින් භාවිතා විය. ඔහුගේ නගරයේ බස් නැවතුම් ස්ථාන…
දෙවියන්වහන්සේගේ සදාකාලික සභාව
ඉරිදා රැස්වීම අවසන් වන විටම වාගේ තරුණ මවක් ඇගේ දරුවන් දෙදෙනාද සමග පැමිණ “රැස්වීම අවසන්ද” කියා ඇසුවාය. නමුත් පිළිගන්නෙකු පැවසුවේ අසල සභාවක රැස්වීම් දෙකක් පැවැත්වෙන බවත් දෙවෙනි එක තව මොහොතකින් ආරම්භ විය හැකි බවත්ය. ඔබ වාහනයකින් යන්න කැමතිද? තරුණ මව ඔව් යයි පැවසුවාය. අනෙක් සභාවට ඇති කෙටි දුර වාහනයකින් යාමට ඇය කැමැත්ත පළ කළාය. ඒ ගැන නැවතත් ආවර්ජනය කළ පිළිගැනීමේ…